ගෝලීයකරණය සමඟ අපට හිමි වූ එක් අනර්ඝත්යායක් කොරියානු පොප් සංගීත කලාවයි. දෙනෙත් සහ දෙසවන් පිනවමින්, සංගීතය යනු භාෂා බාධක වලින් ඔබ්බට යමින් ලොව පුරා මිලියන ගණනක් වූ ප්‍රජාව සමඟ එකට එකතු කළ හැකි බලවත් මාධ්‍යයක් බව පසක් කර දීමට K-pop හේතු කාරණාවක් වූ බව නොරහසකි.
මෙහි පුරෝගාමීන් ලෙස හඳුන්වා දිය හැක්කේ මේ වන විට ලොව විශාලතම පොප් සංගීත කණ්ඩායම බවට පත් වූ ප්‍රථම සහ එකම ආසියානු සංගීත කණ්ඩායම වන සහ, 2023 වර්ෂයේ ලොව බලවත්ම සන්නාමයන් අතර (The Legacy Makers 100: The Most Impactful Brands) එක් වූ එකම සංගීත කණ්ඩායම වන BTS (Bangtan Sonyeondan) පොප් සංගීත කණ්ඩායමයි.
BTS හි බලපෑම අප රටේ ආර්ථික සහ මනෝ-සමාජීය සංවර්ධන සිහිනයන් සඳහා අදාළ කර ගැනීම මෙම රචනාවේ අරමුණයි. කුඩා රාජයක් ලෙස සිය කුටිය ගබඩා කළ දකුණු කොරියානු තරුණයින් හත් දෙනෙකු ඇමෙරිකානු සංගීත ක්ෂේත්රය ආක්‍රමණය කරමින් ලොව ප්‍රබල බිලියනපතියන් හත් දෙනෙකු බවට පත් විය. වාර්තා වන ආකාරයට BTS විසින් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 4.65 ක් ආදායමක් දකුණු කොරියානු දළ දේශීය නිෂ්පාදනයට රැගෙන එයි (Lyu, 2024).
BTS යනු හුදෙක් දකුණු කොරියානු ආර්ථික මෙවලමක් නොවේ. ඔවුන්ගේ බලපෑම දකුණු කොරියානු සංගීත සංස්කෘතිය ඉක්මවා, රාජ්‍යතාන්ත්‍රික සහ සංස්කෘතික කර්මාන්තය ගෝලීයකරණය කළ සංස්කෘතික සංසිද්ධියක් විය. 2018, 2020, සහ 2021 වර්ෂයන්හිදී එක්සත් ජාතීන්ගේ මහ සභාව තුනවරක් ඇමතූ BTS, 2021 වර්ෂයේදී දකුණු කොරියාව නියෝජනය කරමින් විශේෂ රාජ්‍යතාන්ත්‍රිකයින් ලෙස ඉදිරිපත් විය.
කලාකරුගේ සාර්ථකත්වය ඔහුගේ නිර්මාණ වල බලපෑම මත රඳා පවතියි. එසේ නම් BTS නිර්මාණ මෙතරම් සාර්ථක ලෙස වැළඳගන්නන් කවුද? BTS සංගීත ලෝලීන් A.R.M.Y. යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන අතර මෙහි අර්ථය බොහෝ දෙනා විසින් වැරදි ලෙස අර්ථකථනය කරනු ලබයි. A.R.M.Y. යනු කෙටි යෙදුමක් වන අතර එහි නියම අර්ථය ‘Adorable Representative MC of Youth’ යන්නයි.
2013 වර්ෂයේ ජුනි මස 13 වන දින BigHit නම් ආයතනය විසින් BTS කරළියට ගෙන එන ලදි. එවකට ප්‍රකට වූ දකුණු කොරියානු විනෝදාස්වාද ආයතන, ජනමාධ්‍යවේදීන්, ජ්‍යෙෂ්ඨ සංගීත කණ්ඩායම් සහ ඔවුන්ගේ සංගීත ලෝලී ප්‍රජාවෙන් මෙම තරුණයින්ට නොයෙකුත් කෙනෙහිලි සිදු වූ බව නොරහසකි. BTS විසින් නිකුත් කරන ලද Cypher, Ddaeng, UGH!, Mic Drop වැනි ගීත කිහිපයකම ඔවුන් ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර ඇත. වැඩිහිටි ප්‍රජාව විසින් තරුණ ප්‍රජාවට සලකන නීච ආකාරයට තිත්ත තැබීමට ඔවුන්ගේ රචනා සහ ගායන හැකියාවන්ගෙන් හරවත් ලෙස ප්‍රයෝජන ගැනීමේදී BTS සමත් විය.
වර්ගවාදී කණ්ඩායම් විසින් BTS හුදෙක් අවුරුදු පහක් පමණ වූ ගැහැණු ළමුන්ට සහ තරුණයින්ට රැවටීමේ වෙළඳාමක් ලෙස හුවා දැක්වූවත්, BTS නිර්මාණවලට අවධානය යොමු කළ විට එය සාවද්‍ය බව පෙනේ. සත්‍යය නම් බොහෝ BTS නිර්මාණ වල අන්තර්ගත වන ගැඹුරු සමාජ-දේශපාලනික ගැටළු, තරුණයින් මුහුණ පාන මානසික ගැටළු, සහ වැඩිහිටි ප්‍රජාව විසින් තරුණ ප්‍රජාවට පටවා ඇති අසීමාන්තික හා පීඩාකාරී අපේක්ෂාවන් පිළිබඳ කරුණු වයස්භේදයකින් තොරව වැඩි දෙනෙකුට අදාළ වේ.
“කවුරුන් ද අපව ඉගෙනුම් යන්ත්‍ර බවට පත් කළේ?
පළමුවැනියා වූයේ නැති නම් පරාජිතයා ය.
වැඩිහිටියන්, ඔවුහු අප සීමාවන් තුළ සිරකර ඇත.
අවනත වනු හැර වෙනත් තීරණයක් තව නොහැකිය.
සරලව සිතුවද එය සුදුසුන්ගේ පැවැත්මයි.
අඹ යහළුවන් පවා පාගා දමා ඉහළට යන්නට අපට ඉගැන්වූයේ කවුරුන්ද කියා ඔබ සිතන්නේ?”
— (N.O by BTS)
පීඩාකාරී අධ්‍යාපන රටාව සංවර්ධිත රටක් වූ දකුණු කොරියාවට පමණක් අදාළ වන්නේ නැත. ශ්‍රී ලංකාවේ ද එවැනි අධ්‍යාපන ක්‍රමවලට ලක්වන උණුසුම් පරිසරයක් තිබෙන බව අපට දැකගත හැක. BTS ගීත තුළින්, විශේෂයෙන්ම “School of Tears” ගීතය, භීෂණකාරී අධ්‍යාපන ක්‍රම පිළිබඳව සහ එම ක්‍රමයට එරෙහිව පවතින අභියාචනා හඳුන්වා දේ. පාසල් පරිසරයේ මිතුරන්ට හා දරුවන්ට එරෙහිව සිදුවන අසාධාරණතා, ශාරීරික හා මානසික බලපෑම් පිළිබඳව BTS දැනුවත් කරයි.
පාසල, නිවස, ටියුෂන් පන්තිය යනාදිය දරුවන්ට සම්පූර්ණ ආරක්ෂාවක් නොලබා දෙන අධ්‍යාපන ක්‍රමයකින්, දරුවන්ගේ අනාගතය සීමා කරනු ලබන බව සඳහන් කරයි. රටක් ආර්ථිකයෙන් සංවර්ධනය වුවත්, එහි මානව සම්පත් සංවර්ධනය නොකළහොත් සමාජයෙහි ප්‍රගතිය සැබැවින්ම අඩු වන බව BTS ගීතවලින් පෙන්වා දෙනවාය.
‘School of Tears’ යනු පාසල තුළ සිදුවන වධ-හිංසාව (ශ්‍රී ලංකාවේ විශේෂ විද්‍යාල නවක වධය වැනි) පිළිබඳව ආමන්ත්‍රණය කරන ගීතයකි.
“පාසල තවත් කුඩා සමාජයක් වැනි එකකි
වැඩිහිටියන් විසින් සලස්වූ නීතිවලින් පවතින වනයකි
දුර්වලයින් දුකට පත් කර, ශක්තිමත් අය ශක්තිමත් වෙයි
සත්‍යම! ඔවුන් ශක්තිමත් නිසා දුර්වලයින් දුකට පත් කරති
යහළුවන් සිටින්ගන් මවා පෑමට පමණක් යැයි නියමිතයි
වැඩිහිටියන්ගේ සදාචාරය අපව දුර්වලයන් පා ා දමා ඉහළට යාමට ලක් කරන ලදි
ශාරීරික දඬුවම්ද එහි භාගයක් විය
“මම ඒ සඳහා සම්බන්ධ නැති නිසා මම ගැලවෙමි” යන්න නිදහසක් බවට පත් විය
එය සත්‍යයකි, සමාජය නරඹන්නන්ගේ අවධානය යටතේ
ඔවුන් අපරාධකරුවන්ට වැඩි බලය ලබා නොදෙයි”
— (School of Tears by BTS’ RM, Jin, and Suga)
Bystander Effect යනු සමාජ මග පෙන්වීමේදී අන් අය උපකාර නොකිරීමේ හැසිරීමයි. ඩාර්ලි සහ බිබ් ලටාගන් විසින් මෙම සංකල්පය ඉදිරිපත් කර ඇත. අනෙක් අය සිටීම, හදිසි අවස්ථාවකදී උපකාර කිරීමට බාධාවක් විය හැකි බව මෙය පෙන්වයි. BTS ගීතවලදී එම අදහස නරඹන්නන්ගේ බලපෑම පිළිබඳව විශේෂයෙන් ඉදිරිපත් කරයි.
‘No More Dream’ යනු BTS කණ්ඩායම විසින් නිකුත් කළ ප්‍රථම ගීතයයි. වර්තමාන කොරියානු අධ්‍යාපන ක්‍රමය හා එහි දරුවන්ට පවතින සීමා පිළිබඳව විවෘතව කියා දෙයි. ශ්‍රී ලංකාවේද මෙම අධ්‍යාපන ක්රමයේ ඇති දෘඩාංගතාව සහ රැකියා අගපක්ෂ භාවය අපට දැකගත හැක. Spine Breaker ගීතයද අධ්‍යාපන ක්‍රම විග්රහයට ලක් කරයි.
ගේශපාලනික-ආර්ථික ගැටළු BTS ගීතවලින් නිරූපණය වේ. ‘Dope’, ‘Am I Wrong’, ‘Haegeum’, සහ ‘Baepsae/Silver Spoon’ යන ගීත BTS විසින් නිර්මාණය කර ඇති අතර, දරුවන් සහ තරුණයින් මුහුණපාන ආර්ථික හා සමාජ සීමා මගින් ඔවුන්ට සිදු වන අසාධාරණතා පිළිබඳව සටහන් කරයි. වැඩිහිටි පරම්පරාව විසින් විකෘති කරන ලද ආර්ථික බර තරුණ පරම්පරාවට නොයුතු ලෙස පැවරීම, ශ්‍රී ලංකා දරුවන්ට සිදු වන අසාධාරණ ආර්ථික-සමාජ ගැටළු සමඟ සමාන වේ.
“‘අර්ථ නිරූපණයේ නිදහස සැමට ඇත්’
මූලික කියමන් වලින් ඉවත්වන්න
ප්‍රකාශයට ඇති නිදහස
යකඩකුගේ මරණයට හේතුවක් විය හැක
ඔබගේ දණ්ඩ විනිසුරු අනුමාන සහ විචාරයන් මත පමණක් පිළිගැනීම නෙවෙයි
ඔබත් එය නිදහසක් ලෙස සලකනවාද?”
— (Haegeum by BTS’ Suga/Agust D)
‘ගහේ’ (Haegeum) යනු සාම්ප්‍රදායික කොරියානු වාද්යයකි. BTS ගීතයේ මාතෘකාව එහි සංකේතමය අර්ථය දරයි; එය සමාජ සීමා, නිදහස, සහ කලාත්මක නිර්මාණය සඳහා වූ ගැටලු ඉදිරිපත් කරයි. මෙය රැප් ගීතවල නිදහස, කලාත්මක නිර්මාණය සහ සමාජ සීමා පිළිබඳ විවේචනයක් ලෙස හැඳින්විය හැක.
“මම තවමත් දෑසේපියාග සිටිමි
කාන්තා සහ සාරාන් අත්ර අත්රමං වී
මම තවමත් ඉබා ගොස් සිටිමි
ගැකගහේද මා යා යුතුය?
මම දැන සිටිමි,
මට යා හැකි මාර්ග තවමත් තිබේ
එය මට පුරා අවධානයෙන් දැනගත නොහැක
මම වැඩිහිටි වියද?”
— (Lost by BTS)
BTS සාමාජිකයන් අයගේ ජීවිතයේ ආරම්භක වයසද සිටම පුහුණු වී, අවුරුදු පහට පසු සහ දහසය වන විට අභිලාෂයන් සැබෑවක් කරගැනීමට යාමට හැකි වීම පිළිබඳ ඔවුන්ගේ හැඟීම් සහ සිතුවිලි BTS ගීතවලින් නිරූපිත වේ. අනාගත අභිලාෂයන් සපුරා ගැනීම සුවපහසු කාර්යයක් නොවන බව, ජීවිතයේ කාන්තා සහ පිරිමි සියලුම පාර්ශවයන්ටම අසීරු වන බව, එම ගීතවලින් පෙන්වා දෙනවාය. ජීවිතයේ අධික බාධක, කාන්තා සහ පිරිමි පරම්පරාවට මුහුණපාන අසීරු තත්ත්ව, සහ වියළි වන පරිසරය යනාදිය, BTS ගීතවලින් සාක්ෂාත් කරයි.
අප වැඩිහිටි වන විට, සුදුසු ජීවිතයක් ලබා ගැනීමට අසීරු බව පෙන්වන BTS ගීතවල පද, තරුණයින්ට ජීවිතයේ අභියෝග සමඟ මුහුණපාන ආකාරය පිළිබඳ අවබෝධය දැනුවත් කරයි. එය පරම්පරාවන්ට ශාපයක් නොව, අනාගත පරම්පරාවට වඩා යහපත් ජීවිතයක් ගත කිරීමට මාර්ග පෙන්වනවාය.
‘Baepsae (Silver Spoon)’ වැනි BTS ගීත BTS ගීත මඟින් සමාජ තත්ත්වයන් පිළිබඳ අවබෝධය උදාකර, අනාගත පරම්පරාව සඳහා ජීවිත වඩා යහපත් කිරීමට උපකාරී වේ.
සේවය හා හැකියාවන් පිළිබඳ ඇති සැක සහ අනාරක්ෂිත හැඟීම්, තරුණයින් අතර පුළුල් අවධානයකට ලක්වීම BTS ගීතවලින් පැහැදිලි වේ. BTS සාමාජිකයන් තම ගීත මඟින් අවංකභාවය, මෘදු හැඟීම් ප්‍රකාශය, සහ ආත්ම විශ්වාසය තරුණයින්ට උදාකරයි. ‘Zero O’Clock’ ගීතය ඒක උදාහරණයකි. අඩුපාඩු තිබුණද ජීවිතයේ සිදුවන සියල්ල අනාගතය වෙනුවෙන් උපකාරී වන බවත්, නව දිනයක නව ආරම්භයක් ලබා ගැනීමට හැකි බවත් එහි සඳහන් වේ.
BTS යන කණ්ඩායම කලාව, සාහිත්‍යය, සමාජ විද්‍යාව, මගපෙන්වීම සහ විෂය දැනුම ඔස්සේ තම ගීතවල සංකල්ප හඳුනාගැනීමට හැකියාව සපයයි. 2020 දී නිකුත් වූ Map of The Soul:7 ඇල්බමය මේ ගැන උදාහරණයකි. එහි ‘Intro: Persona’, ‘Interlude: Shadow’, ‘Outro: Ego’ යන සංගීත තැටි තුන මගින් මනෝවිද්‍යාත්මක සංකල්ප තුනක් ප්‍රකාශ කරයි. Rapper Agust D විසින් සලස්වන මානව පෞරුෂ විචාර තුනද එහි අන්තර්ගතයයි.
BTS ගීත අසා, අපට ඔබ කවුරුන්ද, ඔබගේ හෘද සාක්ෂිය කුමක්ද යන්න දැනගැනීමට, නිහත්මානී වීමට, සහ ආත්ම විශ්වාසය වර්ධනය කිරීමට අවස්ථාව ලබා දේ. සමාජය අපගෙන් මොනවා අයැදෙනවාද, අපට අවංකව සිටීම අනිවාර්ය බව BTS ගීතවලින් පෙන්වා දෙයි.
BTS බලපෑම සමාජයට සීමා නොවෙයි. ඔවුන්ගේ ARMY නම් අනුග්‍රාහක ජනතාව, ඔවුන්ගේ නමින් සමාජ කටයුතු, පරිසර පරිශ්‍ර පිරිසිදු කිරීම, සහ අධි-ශිෂ්‍යත්ව සේවාවන් සිදු කරයි. ශ්‍රී ලංකාවේද ලාංකික BTS ARMY සමාජ සේවාවන්, BANGTAN SRI LANKA නමින් සංවිධානය කර, සිය ප්‍රජාවට ආදර්ශයක් සපයයි.
ශ්‍රී ලංකාව භාෂාව, කලාව සහ සංස්කෘතියෙන් සම්පන්න රටකි. සිංහල භාෂාව අපගේ අනනීය භාෂාවයි. අපගේ කලාකරුවන් තම නිර්මාණ මඟින් ආදර්ශමත් ප්‍රකාශ කිරීමේ හැකියාව ලබා දීම, රටට විශාල ආඩම්බරයක් වේ. BTS ආදර්ශමත් නිදසුනක් ලබා දීම නිසා, අපටද එවැනි ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට හැකියාව ඇත. එය ලාංකිකයන්ට ආදායම් සහ රැකියා අවස්ථා ලබා දීමට උපකාරී විය හැක.
අවසානයේ, ජීවිතය අපගේ අත්දැකීම්, වත්මන් ක්‍රියාකාරකම්, අනාගත බලාපොරොත්තු, බිය සහ හැඟීම් සමඟ ජීවත් වීම, නිහත්මානී සහ සත්‍යවන්ත දිවියක් ගත කිරීමට මඟ පෙන්වයි. BTS ආදර්ශයන් සපයන නිසා, තරුණ පරම්පරාවට නිවැරදි මාර්ගයේ ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබේ.
References
Lyu, P. (2024). The Multifaceted Impact of BTS: Driving South Korea’s Economy, Soft Power, and Cultural Exchange. Transactions on Social Science Education and Humanities Research, 11(2960-1770), 1–6. https://doi.org/10.62051/kky84t23
Team One. (2023, April 25). The Legacy Lab Releases the Inaugural Legacy Makers 100. GlobeNewswire News Room; GlobeNewswire. https://www.globenewswire.com/newsrelease/2023/04/25/2654358/0/en/The-Legacy-Lab-Releases-the-Inaugural-Legacy-Makers100.htm
සංදීප්ත්ා අයිලප්ගපරුම

